අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය අවශ්‍යතාවය සම්පුර්ණ කරන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි

    පෙබරවාරි 03, 2016
    මෙවර සිංහල අලුත් අවුරුද්දට පෙර විදුලිය අවශ්‍ය සැමට විදුලිය ලබා දීමට පියවර ගන්නා බවත් එවිට විදුලිය අවශ්‍යතාවය  
    100% ක් සම්පුර්ණ කරන දකුනු ආසියාවේ  එකම රට ශ්‍රී ලංකාව වන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය 
    රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පැවසුයේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා විදුලිය අවශ්‍ය නමුත් ඒ සදහා මුදල් නොමැති පුද්ගලයන් සඳහා රුපියල් 40,000 ක ණය මුදලක් වසර 6 කින් ගෙවීමේ පදනම මත ලබා දීමට පියවර ගෙන ඇති බවත් පැවසීය.
     
    මෙහිදී විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් 25% ක් සිටිනුයේ මෑන් පවර් ක්‍රමයට බදවා ගත්  සේවකයන් බවත් ඉන් 2500 කට වැඩි පිරිසක් මේ වන විට ස්ථිර සේවකයන් බවට පත්කර ඇති අතර අනෙක් පිරිස් සදහා සම්මුඛ පරීක්ෂෙණ පැවැත්වීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා  පැවසීය.
     
    පෞද්ගලික විදුලි බලාගාර සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා ,පෞද්ගලිකව විදුලිය ජනනය කරන්නන් සදහා ලබා දෙන බලපත්‍ර  අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවත් මින් ඉදිරියට  බලපත්‍රය ලබා දී  වසරක් තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාතමක නොකළහොත්  එම බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරනවා. එමෙන්ම  විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කර  ලබා දීමට සැලසුම් කර තිබෙනවා. අතීතයේදී මෙන් ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට විදුලිය සදහා ලබා දෙන මුදල තීරණය නොකරන බවත් විවෘත ටෙන්ඩර්යක් මගින්  පමණක් විදුලිය මිළ තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
     
    එමෙන්ම ගල් අඟුරු ආනයනය සදහා දිර්ඝ කාලයක් සදහා ටෙන්ඩර් කැදවීමෙන් විශාල පාඩුවක් සිදුවන බව හදුනා ගෙන  
    ඇති හෙයින් මින් ඉදිරියට වසරක කාලයක් සදහා පමණක් ටෙන්ඩර් කැදවීමට සැලසුම්කර ඇතැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.  
     
    මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් සෙනෙවිරත්න  හා ජීවන් කුමාරතුංග යන මහත්වරුන් සහභාගිවුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya