අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යතුරු පැදි අනතුරුවලින් මුහුණට සහ හිසට සිදුවන අනතුරු ඉහළයි- පූර්ණ හිස්වැසුම භාවිතය වැදගත්

    පෙබරවාරි 04, 2016

    මාර්ග අනතුරු බහුල වශයෙන් සිදුවන්නේ යතුරු පැදිවලට බවත් ඒ හේතුවෙන් යතුරු පැදි කරුවන්ගේ මුහුණට සහ හිසට අනතුරු සිදුවන බවත් සම්පූර්ණයෙන් ම ආවරණය වූ හිස් වැසුම් භාවිතයෙන් අනතුරු අවම කරගත හැකි බව කොළඹ දන්තායතනයේ, මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍ය පද්මා සිල්වා මහත්මිය පවසයි.

    ඔබේ රුව රැකගන්නට අනතුරු වළකමු යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් පද්මා සිල්වා මහත්මිය මේ බව පැවසුවාය.

     

    දියුණු රටවල මාර්ග අනතුරු අඩු වුවත් ශ්‍රී ලංකාවේ ඉතා බිහිසුණු ලෙස මාර්ග අනතුරු සිදු වෙනවා. 2014හා  2015  වාර්තා නුව මුහුණේ අස්ථි බිදීම වෙනස් වී තිබෙනවා.යතුරු පැදි අනතුරු වැඩියි. පිරිමි පක්ෂය සියයට 82%ක් අනතුරු සිදු වී තිබෙන්නේ මුහුණේ යටි හනුවයි. වයස් සීමාව ගත් විට වයස අවුරුදු 21ත් 40ත් අතර වෙනවා.මේ යතුරු පැදි අනතුරු සියයට 65%ක්.

     

    ඒ නිසා පූර්ණ මුහුණ ආවරනය වූ හිස් වැසුම් යතුරු පැදි කරුවන් භාවිතා කිරීම වැදගත් වෙනවා යැයි ද වෛද්‍ය පද්මා සිල්වා මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya