අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීත්‍යානුකූල නොවන දුම්කොළ භාවිතය පාලනය කිරීමට වැඩසටහනක්

    පෙබරවාරි 04, 2016

    පිළිකාව අපේ රටට තිබෙන ප්‍රධාන අභියෝගයක්.නීත්‍යානුකූල නොවන දුම් කොළ භාවිතය පාලනය කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥවෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ලෝක පිළිකා දිනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට ඊයේ (03) සහභාගී වෙමින් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසී ය.


    දැන් තිබෙන ප්‍රධාන අභියෝගය භෝ නොවන රෝගයි.පිළිකා සඳහා ප්‍රධාන සාධක හතරක් බලපනවා.දුම් පානය, මත්පැන් පනය, සෞඛ්‍යයට නොගැළපෙන අහාර පුරුදු සහ ව්‍යායාමවල නොයෙදීම යන කාරනා පිළිකා සඳහා හේතු වෙනවා.

     

    දුම් කොළ හා මධ්‍යසාර පිළිකා සඳහා ප්‍රධාන ලෙස බලපානවා.පිළිකාව අපේ රටට තිබෙන ප්‍රධාන අභියෝගයක්.පිළිකා රෝගයට අවශ්‍ය සේවාව සැපයීමට විශාල මුදලක් රජය වැය කරනවා.

     

    වසර 2015 දී පියයුරු පිළිකා හඳුනාගැනීමට මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. ගැබ් ගෙළ පිළිකා හදුනාගැනීමට සායන මධ්‍යස්ථාන 900ක් දිවයින පුරා සුවනාරී සායන ලෙස ක්‍රියාත්මක වෙනවා.

     

    මෙවර අයවැයෙන් රෝහල් තුනක් සඳහා පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට බිලියන 3ක් වෙන්කර තිබෙනවා.මෙමඟින් පිළිකා රෝගයට හොඳ සේවයක් ලබාදීම අරමුණයි.

     

    නීත්‍යානුකූල නොවන දුම් කොළ භාවිතය පාලනය කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රප්ඥප්තිවලට එකඟවෙමින් ලිපියක් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා තිබෙනවා.ඒ අනුව නීත්‍යානුකූල නොවන දුම් කොළ භාවිතය පාලනය කිරීම ආරම්භ කළ පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වෙනවා යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya