අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පිළිකා රෝහල ''අපේක්ෂා රෝහල" වෙයි

    පෙබරවාරි 04, 2016

    මහරගම පිහිටි ජාතික පිළිකා රෝහල මේ වසරේ දී ''අපේක්ෂා රෝහල'' ලෙස නම් කෙරෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසී ය.


    ලෝක පිළිකා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව අනාවරණය කළේ ය.

     

    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී මාධ්‍ය සම්මන්ත්‍රණය ඊයේ (03) පැවැත්විණි.

     

    පිළිකාව ජයගැනීමට අපට හැකියි- මටද හැකියි යන්න මෙවර ලෝක පිළිකා දිනයේ තේමාවයි.පිළිකා වලට අපේ ජීවන රටාව හේතු වී තිබෙනවා.

    පිළිකාවලින් තුනෙන් එකක් කලින් හදුනාගැනීමෙන් සුවකර ගත හැකියි.දැනට ශ්‍රී ලංකාවෙන් වර්ෂයකට 15,000ක් 20,000ත් අතර පිළිකා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා.පිළිකා බහුල වී තිබෙනවා. එහෙත් අපට එය ජයගත හැකි බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya