අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනතුරු වළකමු- මුහුණේ රුව රැකගමු-ජාත්‍යන්තර මුඛ, හනුක,වක්ත්‍ර විශේෂඝ්න ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය

    පෙබරවාරි 04, 2016

    අනතුරු වළකමු- මුහුණේ රුව රැකගමු'' යන තේමාව යටතේ ජාත්‍යන්තර මුඛ, හනුක,වක්ත්‍ර විශේෂඝ්න ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන මහා පාගමන හා සමාජසත්කාර වැඩසටහන  පෙබරවාරි 13 දින පැවැත්වීමට නියමිතය.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පෙ.ව. 6.30ට ජාතික නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පා ගමන ආරම්භ වෙයි.

     

    පාගමන අවසන් වන්නේ මහජන පුස්තකාලය අසළිනි.මෙම වැඩසටහනට සමගාමීව  මාධ්‍ය සම්මන්ත්‍රණ,චිත්‍ර ප්‍රදර්ශනයක්,ඡායාරූප ප්‍රදර්ශනයක්, සහ ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

     

    මුඛ -හනුක- වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය ශ්‍රී  ලංකාවේ සමරනු ලබන්නේ ප්‍රථමවරය බව මේ පිළිබඳව අඳහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ශාරීකා ගුණතිලක මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya