අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පිළිකා දිනය සැමරේ

    පෙබරවාරි 04, 2016

    ''පිළිකව ජයගැනීමට අපට හැකිය-මට ද හැකිය'' යන තේමාව මුල්කරගැනිමින් ලෝක පිළිකා දිනය අද (04) සැමරේ.

    ලෝක පිළිකා දිනය අදට (04) යෙදී තිබේ. මෙවර ලෝක පිළිකා දින තේමාව වසර 2018 දක්වා පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

     

    ලෝක පිළිකා දිනය වෙනුවෙන් මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ, ශ්‍රී ලංකා පිළිකා මර්දන වැඩසටහන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

     

    බෝ නොවන රෝගයක් වන පිළිකා රෝගය මේ වනවිට ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන බව වෛද්‍යවරු පෙන්වා දෙන අතර ශ්‍රී ලංකාවේ දී පිළිකා ව්‍යාප්තිය ඉහළ අගයක් ගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි.

     

    ලෝක පිළිකා දිනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ඊයේ (03) පැවැති සම්මන්ත්‍රණයේ දී වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මේ බව පැවසී ය.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල් නවයක කළ සමීක්ෂණයකට අනුව වසර 2015 වනවිට පිළිකා රෝගය සඳහා ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාව 28,474කි.වසර 2014 දි එය 26341ක සංඛ්යාවකි.


    සංඛ්‍යාලේඛන එලෙස වාර්තා වුවත් සාමාන්‍ය වාර්තාවීම රෝගීන් 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් වසරක දී වාර්තා වන බවයි වෛද්‍ය  සුරාජ් පෙරේරා මහතා පවසයි.

     

    පිළිකා රෝග අතර පිරි පක්ෂයට මුඛ පිළිකා බහුලව වැළදෙන අතර   කාන්තාවන්ට වැඩි වශයෙන් වැළදෙන්නේ පියයුරු පිළිකා සහ ගැබ් ගෙළ පිළිකායි. පිළිකා සුවකළ හැකි මට්ටමේ ද පවතින අතර එය කලින් හදුනාගැනීම හා නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සුවකර ගැනීමේ අවස්ථාවපවතින බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

     

    ලෝකයේ මරණය සිදුවන රෝගවලින් දෙවන ප්‍රධානතම රෝගය පිළිකා රෝගය වන තර මීට ජනගහනය වයසට යෑමද බලපා තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya