මන්ත්‍රිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමට සහභාගි වූ අවස්ථාවේදීය.
බදාදා දිනයේ සැම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකදීම මහජන හමුවක් පැවැත්විය යුතු බවත් මේ සදහා ප්‍රාෙද්ශිය මට්ටමේ සියලු නිලධාරින් සහභාගි විය යුතු බවත් ඒ සදහා පොලිස් නිලධාරින්ගේ නියෝජනයක් සහිතව මහජන ගැටලු විදීමට නිලධාරින් කටයුතු කළ යුතු බවත් පැවසූ රංජිත් අලුවිහාරේ මහතා ග්‍රාමීය කාර්යාල ඉදි කිරිමේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදු කළ යුතු බවත් ග්‍රාමීය මට්ටමේ සිටින සෑම නිලධාරියෙකුටම කාර්යාලයක් සහ සිය දෙනෙකුට අසුන් ගත හැකි රැස්විම් ශාලාවක් ඉදි කිරිමට සැලසුම් කොට ඇති බවත් පැවසීය.
මෙම අවස්ථාවට එක් වූ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා කියා සිටියේ මාතලේ නගරයේ අවිධිමත් ආකාරයෙන් භූමිය ප්‍රයෝජනයට ගෙන ඇති අතර අත්‍යවශ්‍ය ඉදිකිරිම් කිහිපයකට ඉඩම් ලබා ගැනිමේදී ගැටලු රැසක් ඇති වී ඇති බවත් ඒ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගේ සභාපතිත්වයෙන් සහ දේශපලන අධීකාරියේ සහභාගිත්වයෙන් යුතු කමිටුවත් පත් කර ගැටලුව නිරාකරණය කිරිමට කටයුතු කරන බවත්ය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ,වැවිලි කර්මාන්ත නියොජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න ඇතුළු දේශපාලන අධිකාරිය සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.
AP/DMU -Matale