නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වසරේදී රටපුරා නව උදා ගම්මාන 400 ක් අරඹනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    පෙබරවාරි 03, 2016
    කොළඹ නාගරික බල ප්‍රදේශයේ සහ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන නිශ්චිත භූමියක අයිතිය අහිමි පවුල් 2,500 ක් සඳහා සින්නක්කර ඔප්පු සහ බදු ඔප්පු ප්‍රදානය කිරීම පසුගියදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී සිදු කෙරිණි.
     
    මධ්‍යම පාන්තික ප්‍රජාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීමේ කාර්යය මේ වන විට ක්‍රියාත්මක වන පසුබිමක නිවසක් අහිමි අඩුආදායම්ලාභී ප්‍රජාව ඉලක්ක කරගෙන නිවාස තැනීමේ කාර්යයත් නිවාස සංවර්ධන අධිකාරිය හා ඕෂන් විව් සංවර්ධන සමාගම හරහා අප ක්‍රියාත්මක කරනවා. එම වැඩසටහන් දෙකෙන්ම ප්‍රතිලාභ අත් නොවන කොළඹ නගරයේ අඩු ආදායම් ලාභි නිවාස අහිමි ප්‍රජාව වෙත සහනදායී මුදලකට නිවාස ලබාදීමේ ඓතිහාසික කාර්යයභාර්යය යළිත් වරක් නුදුරු අනාගතයේදීම අපේ රජය ආරම්භ කරනවා යයිඅමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
     
    මෙහිදී තවදුරටත් අදහස් දැනුවු අමාත්‍යවරයා , නීත්‍යානුකූලව භූමියේ අයිතිය ලබාදීමට හැකිවීම ගැන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස මා ඉමහත් සතුටට පත්වන අතර මේ කාර්යය සාර්ථක කරගැනීමේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ කැපවීම මෙහිලා අගය කළ යුතුයි.
     
    ඔවුන්ගේ කැපවීමේ හා උත්සහායේ ප්‍රතිඵලයක් ලෙස කෙටී කාලයක් තුළ මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අප අමාත්‍යාංශයට හැකියාව ලැබුණා.අද වන විට කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පමණක් නිවාස නොමැතිව පැල්පත්වල ජීවත්වන පවුල් 80,000 - 100,000 අතර ප්‍රමාණයක් සිටිනවා. තවත් අඩු ආදායම්ලාභීන් දසදහස් ගණනින් හිසට සෙවණක් 
    අහිමිව ළතවෙනවා.
     
    කොළඹ නගරයේ අඩු ආදායම් ලාභි නිවාස අහිමි ප්‍රජාව වෙත සහනදායී මුදලකට නිවාස ලබාදීම සඳහා වු පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කිහිපය තුළ කැබිනට්ටුවට ඉදිරිපත් කර ඊට අනුමැතියත් ලබාගෙන එම වැඩපිළිවෙල යළි සක්‍රීය  කරන බවට මා කොළඹ නාගරික ප්‍රජාව ඉදිරියේ සපථ කරනවා. ඒ වෙනුවෙන් වන පළමු පියවර හැටියට කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී නිවාස යෝජනා ක්‍රම ආරම්භ කරන බවද පැවසීය.
     
    පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසුව ගෙවුණ මාස කිහිපය තුළ රට පුරාම උදා ගම්මාන 40 ක් ඉදිකිරීමට අප කටයුතු කළා.  මේ වසරේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ රට පුරාම ග්‍රාමීය ප්‍රදේශවල උදා ගම්මාන 200 ක් සහ පෞද්ගලික දානපති අනුග්‍රහය යටතේ තවත් උදා ගම්මාන 200 ක්ද ඉදිකිරීමේ කාර්යය ආරම්භ කරනවා.  “සැමට සෙවණ”, “ විසිරි නිවාස” වැඩසටහන තුළින්ද රටේ නිවාස සංවර්ධනය ක්‍රියාත්මක කිරීම අප අමාත්‍යාංශයේ අරමුණයි.  2025 වන විට රටේ ජනතාවට “සැමට සෙවණ” ලබාදෙන්නට අපේ රජය කටයුතු කරනවා යයි පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya