නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්ත සෞඛ්‍ය සේවය රට තුළ ව්‍යප්ත කිරීමට ස්ථීර වැඩපිළිවෙලක්

    පෙබරවාරි 02, 2016

    දන්ත සෞඛ්‍ය සේවය රට තුළ ව්‍යප්ත කිරීමට  ස්ථීර වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    අනතුරු වළකමු- මුහුණේ රුව රැකගමු මැයෙන් ශ්‍රී ලංකවේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගී වෙමින් පාලිත මහීපාල මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

     


    එමෙන් ම හදිසි අනතුරු වළක්වා ගැනීමට ස්ථීරසාර වැඩපිළිවෙලක් කරා යෑම අවශ්‍ය බවත් ජනතාව දැනුමින් සන්නද්ධ කළ යුතු බවත් පැවසූ පලිත මහීපාල මහතා,දන්ත වෛද්‍යවරු 1600ක් පමණ  සිටින බවත් දන්ත ඒකක 600ක් රට පුරා ක්‍රියාත්මක බවත් පාසල්වල දන්ත සායන 400ක් පමණ ක්‍රියාත්මක බවත් පැවසී ය.

     

    මහල් නවයක දන්ත ඒකකයක් ජනතා අයිතියට පත්වීමට නියමිතයි. මිලියන 800ක් පමණ වියදම් වී තිබෙනවා.තවත් මිලියන 1000ක පමණ නවීන උපකරණ දන්ත ඒකකයට ලැබෙනවා. දන්ත ශල්‍ය සේවය ශක්තිමත් කිරීමට දීප ව්‍යාප්ත සේවයක් ලෙස ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කටයුතු කෙරෙනවා.රජය විශාල මුදලක් ඒ සඳහා වෙන්කර තිබෙනව යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya