නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල, මරදාන නව නැංගුරම් පොළ ජනතා අයිතියට

    ජනවාරි 29, 2016
    බේරුවල, මරදාන නව නැංගුරම් පොළ ජනතා අයිතියට පත් කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරිණි.
    ධීවර අමාත්‍යංශයට අයත් ආයතනවල සිදුව ඇති හා සිදුවන ඕනෑම ආකාරයක වංචාවක් දුෂණයක් හෝ අක්‍රමිකතාවක් ඇත්නම් ඒ සියල්ල නවතා සමස්ථ ධීවර ජනතාවගේම අභිවෘද්ධිය උදෙසා මෙන්ම ධීවරයාගේ අභිමානය රැක ගැනීම වෙනුවෙන් කල හැකි සියලු කැප කිරීම් කිරීමට තමා කිසි විටක පසුබට නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී අවධාරණය කළේය.
     
    මෙම නැංගුරම් පොළ ඉදි කිරීම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 223 කි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියා සිටියේ මීට 35 වසරකට පෙර තමා බේරුවල, මරදාන ප්‍රදේශයේ රැදී සිටියදී තොටුපොළක සේයාවක් වත් නොතිබූ බවත් එම ප්‍රදේශය  අද දකින විට තමාට විශාල සතුටක් දැනෙන බවත්ය.
     
    ධීවර ජනතාවට සිය බෝට්ටුවක් ගොඩබිමට ඇදගැනීමට වැල්ලක් නොතිබූ මෙම ප්‍රදේශයේ මෙවැනි නැංගුරම් පොළක් ඉදි කිරීමේ ගෞරවය රාජිත සේනාරත්න අමාත්‍යතුමාට හිමිවන බවත් දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කලේ ධීවර ජනතාව සවිබල ගැන්වීම සඳහා ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවය. රටට බත සපයන ගොවියා සේම බත රසවත් කිරීමට පෝෂ්‍යදායී මාළු ලබාදෙන 
    ධීවරයා රැක ගැනීමටත් එම ජනතාවගේ ගෞරවය හා අභිමානය රැක ගැනීම සඳහා ජිවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    ධීවරයාගේ දහදිය සූරා කෑමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් ධීවරයාගේ අභිමානය සුරක්ෂිත කරනවා සේම ඊට හානි කරන වංචනිකයින්ට දුශිතයින්ට උපරිම දඩුවම් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    සිදුව ඇති හා දැනට සිදුවන සියලු ආකාරයේ වංචා, දුෂණ, අක්‍රමිකතා සොයා ධීවර අමාත්‍යාශයට අයත් රටවටා පිහිටි සියලුම ආයතනවලට යාමට තමා තීරණය කර ඇති බවත් එහිදී සොයා ගන්නා සියලු තොරතුරු රජයට ලබා දී අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    රටවටේ මහා සයුරේ සියලු සම්පත් නෙලා ගැනීමේ අයිතිය ශ්‍රී ලාංකිකයාට තිබිය යුතු බව කියා සිටි අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඒ සඳහා අවශ්‍ය නීති අණ පනත් සකස් කරන බවත් මෙරට සම්පත් කොල්ල කෑමට විදේශිකයින්ට කිසිඳු ඉඩක් නොතබන බවත් පැවසීය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.අධිකාරී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ධීවර ජනතාවද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya