2016 වසර සඳහා පාසල් දරුවන්ට නිල ඇඳුම් වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තිළිණපත් (වවුචර්) ක‍්‍රමය හඳුන්වා දී ඇති අතර, මේ වනවිට සියලූ පාසල් දරුවන් වෙත පාසල් වවුචර ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අදාළ තිළිණපත්වලින් (වවුචරපත්) නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා වලංගු කාලය ජනවාරි 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
ඒ අනුව ජනවාරි 31 දිනෙන් තිළිණ පත්වල (වවුචර්පත්වල) කල් ඉකුත්වන බව දක්වා ඇති නමුත් ඒවායේ වලංගු කාලය පෙබරවාරි 28 දින තෙක් දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් තිළිණපත්වලට (වවුචර්පත්වලට) මුදල් ගෙවීම් සිදුකරන මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කළමනාකරුවන් දැනුවත්කර තිබේ.
එබැවින් මේ දක්වා තිළිණපත් (වවුචර්පත්)මගින් නිල ඇඳුම් රෙදි ලබාගැනීමට නොහැකි වූ දරුවන්ට පෙබරවාරි මස අවසානය දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.