නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයෙන් සංවර්ධන වැඩසටහන රැසක්

    ජනවාරි 28, 2016
    තිරසාර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෝරාගත් නගර 100ක් වැඩි දියුණු කිරීම සඳහා 2016 අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කොට තිබෙන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
     
    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක දී ඊයේ (27) අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදි.
     
    මේ යටතේ තෝරාගත් නගරවල පිරිසිදු ජල පහසුකම, මලාපවාහන පහසුකම්, නගර සංවර්ධනයට අදාල නගර අලංකරණය සහ ප්‍රතිනිර්මාණය කිරීම වැනි  ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සිදු වන බව අමාත්‍යවරයා පැවසී ය
     
    මෙම අවස්ථාවට නගර සැලසුම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහ ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya