මෙම ගබඩා සංකීර්ණ කඩිනමින් නිමකිරීම සඳහා එහි උපදේශක කොන්ත්‍රාත්තුව, ඉංජිනේරුමය කාර්යයන් සඳහා වන මධ්‍යම උපදේශක කාර්යංශය (CECB) වෙත පදානය කිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.
මෙම ගබඩා සංකීර්ණ වී. බඩඉරිඟු, තල, ගම්මිරිස් හා උඳු වැනි ධාන්‍ය වර්ග ගබඩා කිරීමට යොදා ගැනීමට අපේක්ෂිත අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහාත්, මෙම ව්‍යාපෘතිය රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාත් 2016 අයවැය මඟින් ලබාගත් මූලික පියවරකි.