නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුවේ ධීවරයින්ගේ ගැටළු රැසකට විසඳුම්

    ජනවාරි 28, 2016
    මීගමුවේ ධීවර ජනතාවගේ නොවිසඳී පැවතී ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  පසුගියදා මීගමුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
    මෙහිදී පළඟතුරය ශාන්ත අන්තෝනි ධීවර තොටුපොළේ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් විවෘත කෙරිණි.
     
    අනතුරුව කම්මල්ගොඩ ධීවර තොටුපොළේ ගැටළු සොයා බැලීමට එහි ගිය අමාත්‍යවරයාට තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලු පිළිබඳව ධීවරයින් එහිදී කරුණු දැක්වුහ. එහිදී ධීවරයින් අවධාරණය කලේ තොටුපොළ වැලි වලින් පිරි යාමෙන් වාරකන් කාලවලදී ධීවර කර්මාන්තයේ යෙදිය නොහැකි තත්වයක් මතුවී ඇති බවය.මීට පිළියම් සොයා තොටුපොළ ධීවර කටයුතු සඳහා සුදුසු ලෙස කෙටි කාලයක් තුළ සකස් කර දෙන්නැයි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
     
    සෙත්තප්පාඩුව ධීවර තොටුපොළවල් 5 ක්  එනම් කැපුම්ගොඩ ආසිමුල්ල කලපු තොටුපොළ, සෙත්තප්පාඩුව අලිඅප්පු මැද තොටුපොළ, සෙත්තප්පාඩුව කෝන්ගහවත්ත තොටුපොළ, අලිඅප්පු උතුරු තොටුපොළ , කැපුන්ගොඩ සිවිල් ගුවන් සේවා තොටුපොළ  අමාත්‍යවරයා  අතින් විවෘත කෙරිණි. 
     
    එම තොටුපළවල් විවෘත කිරීමෙන් අනතුරුව කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි ධීවර තොටුපළ පාර විවෘත කිරීම සහ අඩු ආදායම්ලාභීන් අතර දැල් බෙදා දීම ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදුවිය.
     
    උතුරු පිටිපන ප්‍රජාශාලවේ දී ධීවර ගැටළු පිළිබඳ සාකච්ඡාවක් සහ විකල්ප සහනාධාර බෙදා දීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya