අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික්කයට ග්‍රිඩ් විදුලි උපපොළක්

    ජනවාරි 27, 2016
                                                                                 
    අඩු වෝල්ටීයතාවයට විසදුමක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් මිලියන එක්දහස් හාරසිය අනූ හතරක වියදමින් ග්‍රිඩ් විදුලි උපපොළක් ලබාදීමට හැකියාව ලැබී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    ඒ මහතා මෙෙස් පැවසුෙය් පසුගියදා එහි මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි..
     
     මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා...,
     
    " සංඛ්‍යාලේඛණ වලට අනුව 1977 වර්ෂයේ දිවයිනේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව අනූහය දහස් නවයක් වූ අතර  එය  2000 වර්ෂය වන විට  විසි එක් ලක්ෂ අනූ එක් දහස් තුන්සිය එකක් දක්වාත් 2010 වර්ෂයේදී  හතලිස් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය දහඅටක්  දක්වාත් වර්ධනය වී 2015 වර්ෂයේ දී එනම් මේ වන විට පනස් තුන් ලක්ෂ අසූ අට දහස් හත්සිය පනස් දෙකක විදුලි පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා. මේ සංඛ්‍යාව එළඹෙන සිංහල අළුත් අවුරුද්ද වන විට පනස් පන් ලක්ෂය දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. වාණිජ ආයතනත් එක්ක ගත්තාම එය  හැට දෙලක්ෂයක්  පමණ වෙනවා.
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනට විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව දෙලක්ෂ තිස් නවදහස් නවසිය විසි අටක්  ඉන්නවා. අපි මේ දින කිහිපය තුළදී තවත් හයදහස් අටසියයකට විදුලිය ලබාදෙන්න සූදානම්. ඒ අනුව ලබන  පෙබරවාරි 07 වෙනිදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ‍ ඈත දුෂ්කර ගම්මානයක් වන පොල්ගස්වත්ත ගමේ අති දුෂ්කර ප්‍රදේශයක් වන ගෝවල පිහිටි කුඩාම පැල්පතට විදුලිය ලබාදීලා විදුලිය ඉල්ලන අවසාන නිවසට විදුලිය ලබාදීමේ හැකියාව ලැබෙනවා. 
     
    මීට අමතරව විදුලිය රැස් කරන්න, බෙදාහරින්න මේ ඔක්කොම ලැබුණම කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න ඕනි. මේ වන විට අපි සූදානම් නෑ එක මොහොතක්වත් විදුලිය බිදවැටීමක් දකින්න. ඒ තරම් මේ මහා යටිතල පහසුකමත් එක්ක අපේ ජීවිතය සම්බන්ධ වෙලා තියෙන්නේ. වෙන කිසිම යටිතල පහසුකමක් මේ තරම් ජීවිතත් එක්ක බැදිල නෑ. දවසේ පැය විසි හතරම මොන මාර්ගයකින් හරි විදුලිය පාවිච්චි කරනවා. ඒ නිසා අඛණ්ඩ විදුලි සැපයුමක් තියෙන්න ඕනි. 100% විදුලිය දෙනකොට විදුලි ජනනයත් ඊට ගැළපෙන ලෙස ලබාදෙන්න ඕනි. ඒ සදහා තමයි අපි මේ සූදානම් වෙන්නේ.
     
    මෙම විදුලි උපපොළ ව්‍යාපෘතිය සිදුකරන ලංකා විදුලිබල මණ්ඩලයේ අනු ආයතනයක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් (LTL) ආයතනය ලංකාවේ  පමණක් නෙවෙයි විදේශ රටවල් කිහිපයකත් විවිධාකාර ව්‍යාපෘතිවල යෙදෙන ආයතනයක්. මේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරලා විවෘත කරන දිනයත් නොබෝ දිනකින්ම සිදුකරන්න ඕනි. එමෙන්ම මෙම විදුලි උපපොළ ස්ථාපනය කිරීම සදහා මේ වෙනුවෙන් ඉඩම ලබාදුන් සියලුම දෙනාටත් ස්තූතිවන්ත වෙනවා." යැයි පැවසීය.
     
    මෙම අවස්ථාව සදහා සබරගමුව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය‍ මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමන් ඇතුළු නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya