අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය අධිකාරියේ ක්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය ඇර‍ඹේ

    ජනවාරි 26, 2016
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන සතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේත් අර්ථ පූර්වකව ක‍්‍රියාවට නැංවීම ආරම්භ විය.
    ‍මෙහි සමාරම්භක අවස්ථාව ‍ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තයේ සිට සභාපති කාර්යාල පරිශ‍්‍රය දක්වා ශරීර සුවතා පා ගමනක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ එච්. ඩී. එස්. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදි.
     
    ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය දියත් කළ ‍මෙම ක‍්‍රීඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන ජාතික සතියේ සමාරම්භයක අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරින්, වරාය ක‍්‍රීඩා සංචිතයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya