මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ජර්මනියෙන් අතහිත

    ජනවාරි 26, 2016

    ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකාර්මික වශයෙන් ද්විපාර්ශවික සම්බන්ධතා සවිමත් කරගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි අංශය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ජර්මනිය එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


    ජර්මනියේ බර්ලින් නුවරදී කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජර්මානු ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය Christian Schmid සමඟ විශේෂ සාකච්ඡාවක නිරත් වී තිබේ. ආහාර හා කෘෂිකර්මය පිළිබඳව ගෝලීය සමුළුවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී වූ අතර එහිදී මෙම හමුව සිදුව ඇත.


    ජර්මනියේ බර්ලින් නුවර පැවති මෙම සමුළුවට විවිධ රටවල් නියෝජනය කර ගනිමින් කාෂිකර්ම අමාත්‍යවරු 65 ක් පමණ සහභාගී වී තිබේ.

    මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ අර්තාපල් බීජ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙනි.

     

    විශේෂයෙන් ලංකාවේ අර්තාපල් බීජ නිෂ්පාදනය සංවර්ධනය කිරීම, කුඩා ගොවිපල් හිමියන් සඳහා යන්ත්‍රෝපකරණ භාවිතය හඳුන්වා දීම, එළවළු පළතුරු බීජ සැකසීමේ පහසුකම් සහ ගබඩා කිරීම, එළවළු පළතුරුල කුළුබඩු සහ ධාන්‍ය අපනයනය කිරීම ආදී අංශ පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

     

    ශ්‍රී ලංකාව ආසියා - පැසිෆික් ව්‍යාපාරික සංගමයට සම්බන්ධ කර ගනිමින් තවදුරටත් අපේ රට සමඟ ආර්ථික සබඳතා ඇති කර ගැනීමට හැකි වනු ඇත. ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීමට මෙම ද්විපාර්ශවික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට දෙරටේ අමාත්‍යවරු මෙහිදී එකඟතාවය පළකර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya