අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ අධිපති, මුදල් ඇමැති අතර හමුවක්

    ජනවාරි 26, 2016

    DIFC හෙවත් ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ අධිපති Essa Kazim මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.


    දෙරට අතර මූල්‍ය සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් මෙම හමුව  පැවතුණේ,  ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයේ දී ය.

    එහි දී අදහස් දැක් වූ Essa Kazim මහතා ප්‍රකාශ කළේ, ආර්ථික ක්ෂේත්‍රයට අදාළ අත්දැකීම් බෙදා හදා ගැනීම, ඊට අදාළ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මෙය වැදගත් අවස්ථාවක් වූ බවය. දෙරට අතර ව්‍යාපාරික සමාජයට එක්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

     

    මෙහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ, මෙරට ආරම්භ කිරීමට නියමිත කොළඹ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානය සඳහා ඩුබායි අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රමුඛ සහයක් ලැබෙනු ඇති බවයි.

    කොළඹ, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya