අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ දෙවන දිනය අද

    ජනවාරි 26, 2016

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ දෙවන දිනය වන අද (26) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, යෞවන හා වනිතා කටයුතු ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙස නම් කොට තිබේ.

    එහි ප්‍රධාන උත්සව අවස්ථාවන් කොළඹ මහානාම විද්‍යාලයේ හා සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද උදෑසන 7.30 සිට 8.30 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටී.

    අතිගරු ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියේ පළමු දිනය රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ලෙසින් ඊයේ (25)ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඇරඹී අතර ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya