අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ පැවැත්ම තීරණය වන්නේ, සේවක ගණන මත නොව සේවක කැපවීම මතයි- අමාත්‍ය දයා ගමගේ

    ජනවාරි 25, 2016

    රාජ්‍ය සේවයේ සුරක්ෂිතතාව හා පැවැත්ම තීරණය වන්නේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රමාණය මත නොව, රාජ්‍ය සේවකයින්ගේ කැපවීම මත බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ මහතා පැවසීය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක 'පෙරඹර සවිය' ජංගම සේවයේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට ඊයේ (24) අම්පාර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    'මීට දස වසරකට පමණ පෙර, රාජ්‍ය සේවයේ නියුතුව සිටි සේවකයින්ගේ ප්‍රමාණය අද වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. නමුත්, ඊට සමගාමීව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හෝ ඵලදායීතාව ඉහළ ගොස් ඇතිදැයි යන්න අප සියලූ දෙනා හමුවේ ඇති ප්‍රශ්නයකි. මෙම ගැටලූකාරී තත්ත්වය මහජන සේවාවන් සැපයීමේ දී ප්‍රබල බලපෑමක් එල්ල කරයි. එසේම, රාජ්‍ය සේවයේ පැවැත්ම හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද මෙවැනි ගැටලූ විශාල හානියක් සිදු කරයි.'

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, නැගෙනහිර පළාතේ සංවර්ධනය හා ආර්ථීක දියුණුව වෙනුවෙන් ඉදිරියේ දී රජය විසින් සිදු කිරීමට නියමිත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

     

    'නැගෙනහිර පළාතේ ආර්ථීකය නඟා සිටුවීම සඳහා උපකාරී වන සම්පත් විශාල ප්‍රමාණයක් අප සතුව තිඛෙනවා. ඒ අතරින් කෘෂි ආර්ථීකය දිරිගැන්වීම විශේෂයි. මේ සඳහා කෘෂි බෝග වගාවන් පළාතේ ජනතාව අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නවා. එසේම, වැව්, කලපු මෙන්ම මුහුදු කලාපය ද මෙම පළාතේ ආර්ථීක දියුණුව වෙනුවෙන් භාවිත කළ හැකි මහඟු දායාදයන් වෙනවා. මේවා හරිහැටි ප්‍රයෝජනයට අරගෙන නිසි කළමණාකරණයකින් අපි වැඩ කළොත්, අපිට නැගෙනහිර පළාත දියුණුු කරමින් ඉදිරියට ගෙන ඒම කිසිසේත්ම අපහසු කාර්යයක් නෙවෙයි.'

     

    දිස්ත්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දෙන විවිධ ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම හා ඔවුන්ට අවශ්‍ය සහාය, මාර්ගෝපදේශ ලබා දීම වෙනුවෙන් 'පෙරඹර සවිය' සවිය වැඩසටහන සංවිධාන කර තිබිණි.

     

    මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, නි. අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද රාජ්‍ය ආයතන නියෝජිතයින් හා කාර්ය මණ්ඩල ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya