මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සුළං විදුලි බලගාර උද්‍යානයෙන් මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට

    ජනවාරි 25, 2016
    ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සහතික කිරීමේ අරමුණින් මෙන්ම දේශීය බලශක්ති පර්යාප්තභාවය ළගා කරගැනීමේ අරමුණ පෙරදැරිව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් 2020 වසර වන විට සාම්ප්‍ර‍දායික නොවන බලශක්ති ප්‍රභව මගින් රටේ මුළු විදුලි ජනනයෙන් 20‍% ක විදුලි බලයක්  ඉලක්ක කර ඇත.
    ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 450 කින් යුත් සුළං බලාගාර සංවර්ධනය කෙරෙහි ප්‍ර‍මුඛත්වය ලබාදීමට තීරණය කර ඇති අතර එහි පළමු අදියර යටතේ මෙගාවොට් 100 ක ධාරිතාවයෙන් යුත් බලාගාරය 2018 වර්ෂයේදී ජාතික බල පද්ධතියට එක්වීමට නියමිතයි. මේ සදහා ඇස්තමේන්තු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් වේ.
     
    ලංකා විදුලිබල මණ්ඩලය සහ දේශීය බැංකු මගින් සපයා ගන්නා අරමුදල් යටතේ මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්ව ලබාදේ.
     
    මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබදව විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉහත තොරතුරු අනාවරණය කළේය.
     
    "රටම එළියයි - අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක බව පැවසූ අමාත්‍යවරයා බලශක්ති සුරක්ෂිතතාවය සේම පාරිසරික සාධකයන් ආරක්ෂා කර ගනිමින් වඩාත් කාර්යක්ෂම විදුලි සේවාවක් අනාගතයේදී ලබාදීමට කටයුතු කරන බව වැඩි දුරටත් සදහන් කළේය.
     
    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ‍මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya