මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටම එළියයි - අදුර දුරලයි විදුලි පහසුකම් වැඩසටහන - අනුරාධපුරය

    ජනවාරි 24, 2016
    විදුලිය පහසුකම් නොමැති අනුරපුර දිසාවේ පවුල් 9,000 කට තුන් මාසයක් ගතවීමට පෙර විදුලිය බලය සැපයීමේ කටයුතු ක්‍රියාවට නංවා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා  පැවසී ය.
     ඒ මහතා එසේ පැවසුවේ “රටම එළියයි - අඳුර දුරලයි”  ජාතික විදුලි සත්කාරය ව්‍යාපෘතිය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරය්දී පැවති අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරීන් දැන්ම්වත් කිරීමේ රැස්වීමේ දී ය.
     
    “සමහරුන් විදුලිය එපා යැයි කියනවා.  නමුත් අපි බලෙන් හෝ ඒ අයටත් විදුලිය දෙනවා. අප එහෙම කරන්නේ විදුලිය බලය ලැබුනාට පසුව එහි අගය ඔවුනට අවබෝධ වන නිසා යැයි නියෝජ්‍ය ඇමති අජිත් පී.පෙරේරා ද මහතා පැවසී ය ”.
     
    රැස්වීම ඇමතූ රංජිත් සියඹලාපිටිය මහතා, මෙතෙක් විදුලිය ලබාගැනීමට නොහැකි වුණු දිස්ත්‍රික්කයේ ග්‍රාමීය නිවාස ඒකක සඳහා ණය ආධාර පදනම මත විදුලිය බල සම්බන්ධතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇතැයි කී ය.
     
    මණ්ඩලයේ උතුරු මැද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියසිරි ගුණසිංහ මහතා මෙම රැස්වීමේ දී ව්‍යාපෘතියේ අරමුණ පැහැදිලි කළේ ය. ඒ අනුව දිස්ත්‍රික්කයේ නිවාස ඒකක 9,410 ක් සඳහා විදුලිය සම්බන්ධතා අයැදුම් කර ඇතැයි පැවසී ය.
     
    කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, අනුරාධපුර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඇතුළු මහජන නියෝජිතවරු ද අනුරාධපුර දිස්ත්‍රික් ෙල්කම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya