අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාබන් විමෝචනය අවම ගුවන් සේවාවක් ලෙස දෙවැනි ස්ථානයට

    ජනවාරි 24, 2016
    ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා අතරින් කාබන් විමෝචනය අවම ගුවන් සේවාවක් ලෙස Business Traveller සඟරාව මගින් දෙවැනි ස්ථානයට පත්කර ඇත. මෙමගින් ගුවන් සමාගම විසින් අඛණ්ඩව දියත් කරන ලද  පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ගෝලීය වශයෙන් ඇගයීමකට ලක්වී ඇත. 
    මෙම ඇගයීමට  ශ්‍රීලංකන් ගුවන් සේවාව පාත්‍ර වී ඇත්තේ මැද පෙරදිග,දකුණු ආසියාව, ඈත පෙරදිග සහ ආසියා ශාන්තිකර කලාපයේ (ඕස්ට්‍රේලියාව ආශ්‍රීත රටවල්)) රටවල් හි ගුවන් සේවා රැසක් අතුරින් ය.
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම  රටේ  අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික අංශයන් අතරින්  තම පාරිභෝගිකයන්ට ප්‍රජාවට මෙන්ම සේවකයන් සඳහා තිරසාර ආයතනික ව්‍යාපෘති දියත් කරන රටේ පුරෝගාමි සාඩම්බර ගුවන් සේවාවක් වීම සැබැවින්ම අපිට මහත් අභිමානයක් වන බවයි. 
     
    Business Traveller සඟරාව (www.businesstraveller.com) මගින් ගුවන් සමාගම ඇගයීමේ දී දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ 72.8 අගයක් ලබාගනිමින් වන අතර ප්‍රථම ස්ථානයට පත් තායිවාන් ගුවන් සේවය වන ට්‍රාන්ස්ඒෂියා ගුවන් සේවය 73.4  ආසන්න අගයක් ලබාගෙන තිබුනි. ගෝලීය වශයෙන්  ශ්‍රීලංකන් ගුවන් සේවය 17 වැනි ස්ථානයට පත්වී ඇත. 
     
    ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගම පරිසර සංරක්ෂණය සඳහා පුළුල් ක්‍රියාදාම පද්ධතියක් දියත් කරමින් කටයුතු කරන ලෝකයේ ප්‍රථම ගුවන් සේවා අතරින් එකක් බවයි.  අඛණ්ඩව නව මාර්ග හඳුන්වාදෙමින් අප ප්‍රයන්තයන් ඉදිරියට ගෙන යාමට ගුවන් සමාගම කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.  
     
    2009 වසරේ දි  ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියාවේ සහ ලෝකයේ “ලෝක හිතකර ගුවන් ගමන් “ යන සංකල්පය ප්‍රථමයෙන් දියත් කර ගුවන් සේවය බවට පත්විය. 
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී සහ ආයතනයේ හරිත කණ්ඩායම් කැඳවුම්කරු ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පරිසර සංරක්ෂණ වැඩසටහන ආයතනික දෙපාර්තමේන්තු හරහා සිදුකරන පාරිසරික ක්‍රියාකාරි කණ්ඩායමක් විසින් සිදුකරන අතර ආයතනයේ පාරිසරික උපාය මාර්ගික සහ සංරක්ෂණ ඒකකය විසින් මෙම කටයුතු සමායෝජනය කරයි.  මෙම සාමුහික ප්‍රයන්තයන් අවසානයේ ගුවන් මෙහෙයුම් හි  කාබන් විමෝචනය අවම කරගැනීම සඳහා දායක වන අතර  මෙමගින්  “ලෝක හිතකර  ශ්‍රීලංකන්“ යන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දායක වනු ඇත “ යනුවෙනි.  
     
    මේ සඳහා කාර්යක්ෂම ඉන්ධන කළමනාකරණ ක්‍රියාමාර්ග තුළින් සෑම ගුවන් යානාවකම උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ලබාගැනීමට කටයුතු කෙරේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya