නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම ජපාන වානිජ බැංකු ශාඛාව කොළඹදී විවෘත වෙයි

    ජනවාරි 23, 2016

    ජපන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපාන වානිජ බැංකු ශාඛාව පිහිටුවිම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පසුගිය ජපන් සංචාරයේදි ද ජපන් ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාවය වඩාත් ශක්තිමත් කරන ආකාරය පිළිබඳව එකඟතාවයක් ඇති කර ගන්නා ලදී.

     

    එහි ප්‍රතිඵලයක් ලෙස  මෙලෙස විවෘත කරනු ලැබුවේ, ජපානයේ ප්‍රමුඛ බැංකුව ලෙස සැලකෙන ටෝකියෝ මිට්සුබිෂි UFJ බැංකු සමූහයේ ආයතනයකි.

     

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ,ජපාන ශ්‍රී ලංකා ඓතිහාසික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවයි.

    මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා, ටෝකියේ මිට්සුබිෂි ඹත්‍න්‍ බැංකු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ගෝ වට්නාබේ මහතා, ලශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්.ලංකාතිලක මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya