අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ආරක්ෂණය පිළිබඳ විශේෂ වැඩපිළිවෙළ රැසක්

    ජනවාරි 23, 2016
    ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වන්නේ අපරාධ ආරක්ෂණය සම්බන්ධයෙන් වුවද, දෙමාපියන්, ගුරුවරු හා සේවා සපයන්නන් දැනුවත් කිරීම හා ශක්තිමත් කිරීම ඉතාම වැදගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පවසයි.
     
    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ළමා ආරක්ෂණය පිළිබඳ 2016 වර්ෂයේ සැලසුම් පිළිබඳව ඉදිරිපත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.
     
    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය 2016 වර්ෂය සඳහා අදියර 05ක් යටතේ සැලසුම් සකස් කොට තිබේ.
     
    අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පළමු වන ශ්‍රේණියේ සිට ජීවන කුසලතා විෂය යටතේ ජීවන කුසලතා, ලිංගික අධ්‍යාපනය, සම්බන්ධතා අධ්‍යාපනය යනාදි විෂයන්, පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම, පාසල් තුළ ළමා ආරක්ෂණ කමිටු වැඩි දියුණු කිරීම, පාලසකින් එක් ගුරුවරයෙකු බැගින් සහභාගීකොට ගෙන සති දෙකක මාර්ගෝපදේශන පුහුනු වැඩමුළුවක් පැවැත්වීම, ළමා ආරක්ෂාව සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සමස්ථ ලංකා අන්තර් පාසල් විවාද තරඟයක් පැවැත් වීම හා පාසල් මාධ්‍ය ඒකක මඟින් ළමා ආරක්ෂණ පණිවිඩය පාසල පුරා ප්‍රචාරය කිරීම යන වැඩසටහන් පාසල් අශ්‍රිතව සිදු කෙරේ.
     
     
    දෙමාපියන් හා දරුවන් අතර පවතින සම්බන්ධතා වඩාත් සමීප කිරීම හා ශක්තිමත් කිරීම, අවධානම් සහිත පවුල් සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම සහ අධීක්ෂණය, පියාගේ භූමිකාව පිළිබඳව නැවත සිතා බැලීම සඳහා සමාජය දැනුවත් කිරීම, පීතෘ නිවාඩු ක්‍රමයක් හඳුන්වා දීම සහ අවශ්‍ය නීති සංශෝධනය සඳහා පෙළඹවීමක් ඇති කිරීම යනාදී අංශයන් වෙත මේ යටතේ අවධානය යොමු වේ.
     
    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ළමා රැකවරණ සේවකයින් සඳහා පුහුණු වැඩසටහනක් සකස් කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර මේ වසරේ දී සහතික පත්‍ර මාලාවක් ලෙස ආරම්භ කොට ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
     
    දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශන මාලාවක් හා නියාමන පද්ධතියක් සකස් කිරීම. මේ වසරේ දී ඒ සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම සිදු කෙරේ.
     
     
    මෙම දරුවන් තවදුරටත් සමාජ හිංසනයට ලක් නොවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට රජයට යෝජනා කිරීම. එනම්, ළමා හා කාන්තා පොලිස් ඒකකයක් පිහිටු වීම, ළමා හා කාන්තා නඩු සඳහා සතියේ වෙනම දිනයක් වෙන් කිරීම හා අපයෝජනයට ලක් වූ දරුවන්ට පාසල් අභ්‍යන්තරික අධ්‍යාපනය ලබාදීම යන යෝජනා ඇතුළත් වේ.
     
     
    ළමයින් සම්බන්ධ සිදුවීම් ළමා හිතකාමී ලෙස වාර්තා කිරීම පිළිබඳ සහතික වීම යනාදී වැඩසටහන් මේ වසරේ දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා මෙවර අයවැයෙන් අමතර රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින මානව සම්පත් හිඟය සපුරා ගැනීම සඳහා යොදවන බව නටාෂා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
     
    මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සභාපති සජීව සමරනායක මහතා ඇතළු නිලධාරීන් රුසක් සහභාගී විය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya