අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යවරයාගෙ සංචාරයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක්

    ජනවාරි 23, 2016
    ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන හා ව්‍යපෘති රැසකට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා රජයේ එකඟත්වය ලබා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම සමත්වුහ.
    කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ ආරාධනයෙන් එරට සිදුකල සංචාරයේදී ෙමම ඒකගත්වය ලබා ගැනීමට හැකිවී අැත.
    මෙම සංචාරයේ දී අමාත්‍යවරයා ධීවර, සමුද්‍රීය පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදන පිළිබඳ කොරියාවේ ප්‍රමුඛ ආයතන ගණනාවක ප්‍රධානීන් හා නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ අතර එහිදී වැඩි අවධානයක් යොමු වුයේ ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය තුළ සිඳු කල හැකි ආයෝජන පිලිබඳවය.
    අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වූ කොරියානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපතිවරයා එම සමුකාර සම්මේලනය විසින් මෙහෙය වන අවුරුදු දෙකක කාල සීමාවක් සම්පුර්ණ ගෙවීම් සහිතව පශ්චාත් උපාධි සහිතව ශිෂ්‍යත්ව දෙකක් ප්‍රධානය කිරීමට එකඟත්වය පල විය
     .
    ඊට අමතරව ධීවරයින් වෙනුවෙන් නව නිවාස, ධීවර වරායන්, ධිවර ක්ෂේත්‍රයට අදාළ විශාල ව්‍යාපෘති ගණනාවකට කොරියාවේ සහය ලබා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අමාත්‍යතුමාට හැකි විය.
    එසේම කොරියානු ධීවර තාක්ෂණයෙන් සමන්විත තාක්ෂණ විද්‍යාල දෙකක් උතුරේ සහ දකුණේ පිහිටුවීමට එරට කැමැත්ත පල විය.
    ධීවර අමාත්‍යවරයා සිය කොරියානු සංචාරයේදී ගොඩබිමට ආසන්න මුහුදේ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදන සඳහා ආයෝජනා අවස්ථා දිනා ගැනීමට ද සමත් විය. එහිදී මෙම සුළං බලයෙන් විදුලිය නිෂ්පාදන කිරීමේ නියමු ව්‍යාපෘතියක් නොමිලේ කිරින්ද වරාය ආශ්‍රිතව ලබා දීමට ද ඔවුන් කැමැත්ත පල කළ බව දිලිප් වෙඅදාරච්චි අමාත්‍යවරයා සඳහන් කළේය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya