අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සම්මාන පිරිනැමේ

    ජනවාරි 23, 2016
    ජනාධිපති මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනෙහි හතර වන දිස්ත්‍රික් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.
    කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි. එහිදී මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කළ මාධ්‍ය මෙහෙවර උදෙසා මාධ්‍යවේදීන්,සුරාබදු නිලධාරින්,පොලිස් නිලධාරින්, හා පාසල් සිසුන් රැසකට ජනපති අතින් සම්මාන පිරිනැමීම ද සිදු විය. 
     
    කොළඹ දිස්ත්‍රික්කය තුළ මත් ද්‍රව්‍ය භාවිතය අවම කිරීම අරමුණු කොට කොළඹ දිස්ත්‍රික්  ලේකම්  කාර්යාලයේ දී පසුගිය දා පිහිටුවනු ලැබූ මත් ද්‍රව්‍ය නිවාරණ අංශය හා ජනාධිපති මත් ද්‍රව්‍ය නිවාරණ අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
     
    ජාතික තරුණ සේවා සභාව මගින් නර්තන හා රංගන රැසක් ද ඉදිරිපත් කළ අතර මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබද විශේෂ දේශනයක් ද පැවැත්විණි.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල නිලධාරින්,පොලිස් නිලධාරින්,රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරින්හා පාසල් සිසුන් රැසක් සහභාගි වි සිටියහ.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya