මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වික්‍රමාදිත්‍ය නෞකාව" ශ්‍රී ලංකාවට පැමිණේ

    ජනවාරි 22, 2016

    ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන "වික්‍රමාදිත්‍ය" නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියහ.

    ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන මෙම දැවැන්ත නෞකාව නවීන තාක්ෂණීක උපාංගයන්ගෙන් සමන්විතය. නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා ගේ අණදීම යටතේ විදෙස් රටක සිදුකෙරෙන පළමු සංචාරය මෙය වන අතර, ඒ සඳහා මිසයිල නාශක වර්ගයේ මයිසූර් නෞකාව ද එක්ව ඇත.

     

    “හිරුමෙන් ශක්තිමත්” යන අරුත දෙන “වික්‍රමාදිත්‍ය” නෞකාව මීටර් 284ක දිගකින් හා මීටර් 60ක පළලකින් යුක්ත වේ. ප්‍රහාරක ගුවන් යානා 36ක් ප්‍රවාහනය කර ගුවන්ගත කළ හැකි එම නෞකාව මහල් 22කින් යුක්ත වේ. 1,700ක නෞකා කාර්ය මණ්ඩලයකින් හා ටොන් 44,500ක ධාරිතාවයකින් යුත් මෙම නෞකාව මගින් මුහුදු සැතපුම් 7,000ක දුරක්
    ආවරණය කිරීමේ හැකියාව ඇත. දිගුදුර ගගන නිරීක්ෂණ රේඩාර් උපකරණ හා නවීන විද්‍යුත් යුද්ධෝපක්‍රම පද්ධතිය නෞකාව වටා කිලෝමීටර් 500ක වපසරියක් ආවරණ කෙරෙන විමර්ශණ බුබුළුවක් පවත්වා ගැනීමට හැකියාව ලබාදේ.


    එම නෞකාව MiG-29 K වර්ගයේ ප්‍රහාරක ගුවන් යානාවන් 30ක් සහ Kamov Ka-31 හෙලිකොප්ටර් යානා 6 කින් ද සමන්විත වේ. “වික්‍රමාදිත්‍ය” නෞකාව රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන අතර, ඩොලර් බිලියන 2.3ක වියදමක් දරා නවීකරණයෙන් පසුව 2013 නොවැම්බර් මස දී ඉන්දීය නාවික හමුදාවේ සේවය සඳහා එක්ව ඇත.

     

    ජනවාරි 22 සහ 23 දිනයන් හි මෙම ඉන්දීය නාවිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති සංස්කෘතික වැඩසටහන් කිහිපයකට ද, වැලිසර නාවික කඳවුරේ පැවැත්වෙන පාපන්දු හා පැසිපන්දු තරඟ කිහිපයකට ද එහි නැව් මූළුව සහභාගී වීමට නියමිතව ඇත.

     

    තවද, 23 වන දින ගාල්ල නෙළුව ප්‍රදේශයේ දී ඉන්දීය නාවික හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙම නෞකාවේ දී පුහුණු වැඩසටහන් කිහිපයක් ද පැවැත්වේ. මෙම නෞකාවන් දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නෞකා අභ්‍යාසයක් ද සිදු කෙරෙනු ඇත.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya