අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට ජාත්‍යන්තර සහය

    ජනවාරි 22, 2016

    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට ජාත්‍යන්තර සංවිධානය රැසක් කැමැත්ත පළකර ඇති බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුජීව සමරවීර මහතා පැවසී ය.

     

    එය මෙරට පළාත් පාලන ආයතන වලට ඉතාමත් වාසිදායක තත්ත්වයක් බව අධ්‍යක්ෂවරයා පවසයි. පසුගියදා කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු ආයතනයේ පැවති, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා
    ආයතනයේ ප්‍රාදේශීය වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී සුජීව සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

     


    මෙම වැඩමුළුවේදී තවදුරටත් අදහස් පලකළ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුජීව සමරවීර මහතා, ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව කටයුතු කිරීමේදී ඔවුන්ගේ දැනුම, අත්දැකීම් වැනිදේ හුවමාරු කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. එමගින් අපේ පළාත් පාලන ආයතන දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා.

     

    දැනට පවතින අඩුපාඩු, ගැටළු විසඳගන්නත් ඔවුන්ගේ අත්දැකීම් අපට වැදගත්වේවි. අපි ඉදිරියේදී පළාත් සභාව, සහ පළාත් පාලන ආයතන වල පුහුණු අවශ්‍යතා ඉටු කිරීමේදී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව පුහුණු වැඩසටහන් සැලසුම් කළ යුතුයි.

     

     

    එක් එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව පුහුණු වැඩසටහන් සිදුනොවිය යුතුයි. මහජන මුදල් අපේ ආයතනය හරහා මේ පුහුණු වැඩසටහන් වලට වැයකරන්නේ. එම නිසා නිසි සැලසුමකින්, අදාළ විෂය නිර්දේශ සකස් කරල සුදුසුකම් ලත් සම්පත්දාකයන් යොදාගෙන පුහුණු වැඩසටහන් කළයුතුයි. ඒවගේම එහිදී න්‍යාත්මක සහ ප්‍රායෝගිකව පුහුණු වැඩසටහන්සැලසුම් කරන්න ඕන. එහෙම නැතිවුනොත් එම පුහුණු වැඩසටහන් සාර්ථක වෙන්නේ නැතැයි ද සුජීව සමරවීර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya