අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වර්ෂ‍යේ අපරාධවල අඩුවීමක්

    ජනවාරි 21, 2016

    මනුෂ්‍ය ඝාතන, ‍කොල්ලකෑම් හා ‍‍‍සොරකම් කිරීම් 2014 වර්ෂයට වඩා 2015 වර්ෂ‍යේ දී අඩු වීමක් දක්නට ලැ‍‍බේ.

     

    2014 වර්ෂ‍යේ සහ 2015 වර්ෂ‍යේ ‍දෙසැම්බර් මාස‍යේ දී වාර්ත වී ඇති මනුෂ්‍ය ඝාතන, ‍කොල්ල කෑම් සහ ‍‍සොරකම් පිළිබඳව ශ්‍රී ලංකා ‍පොලීසිය විසින් සිදු කරන ලද විශ්‍ලේෂණාත්මක වාර්තා‍වෙන් ‍මේ බව ‍පෙනී යයි.

     

    එම වාර්තාවට අනුව මනුෂ්‍ය ඝාතන දිවයි‍නේ පළාත් 9ම ආවරණය වන පිරිදි 2014 වර්ෂ‍යේ දී 40ක් වාර්තා වී ඇති අතර 2015 වර්ෂ‍යේ දී 34 දක්වා අඩු වී ති‍බේ. කොල්ලකෑම් 2014 වර්ෂ‍යේ 100ක් වාර්තා වූ අතර 2015 වර්ෂ‍යේ දී 81 දක්වා අඩු වී ති‍බේ. සොරකම් 2014 වසර තුළ 248 වාර්තා වී ඇති අතර 2015 වර්ෂ‍යේ දී 160 දක්වා පැහැදිලි අඩු වීමක් දක්නට ලැ‍බේ.

     

    ‍මේ අනුව 2015 වස‍රේ දී දිවයින තුළ වාර්තා වී අති ඝාතන සිදුවීම් සියල්ලේ ම ඝාතනයන්ට මූලිකම ‍හේතුව වී ඇත්‍‍‍තේ විවිධ ආරවුල් නිසා ඇති වූ ක්ෂණික ‍කෝප‍යෙන් සිදුකළ ඝාතන වන අතර ඝාතන රැල්ලත් අනාවරණය වී ‍නොමැති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    ‍කොල්ලකෑම් සම්බන්ධ‍යෙන් සිදුවීම් 08ක ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්‍‍තේ තංගල්ල ප්‍රදේශ‍යෙනි.

    2015 වස‍රේ වාර්තා වූ ‍සොරකම් 160න් 107ක් වාහන ‍සොරකම් වන අතර වැඩි වශ‍යෙන් ‍සොරකම්‍ ‍කොට ඇත්‍‍තේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ බව ‍පොලිස් මූලස්ථානය නිකුත් කළ වි‍ශේෂ නි‍වේදන‍යේ සඳහන් ‍‍වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya