මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිමා නීර්ණය අවසන් කර ගැසට් පත්‍රය නිකුත් කරනවා-අමාත්‍ය එස්. බී. දිසානායක

    ජනවාරි 20, 2016

    පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කටයුතු අවසන් කොට නැවත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන බව සමාජ සවිබල ගැනිවීම් හා සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

     

    මේ වන විට අප රටේ පළාත් පාලන මැතිවරණය සඳහා නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අවසන් කොට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. නිර්ණය කරන ලද කොට්ඨාස පිළිබඳ යම් යම් සංශෝධන ඉදිරිපත් කොට තිබෙනවා. එහි දී සංශෝධන විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කොමිසමක් පත්කොට එම ඉල්ලීම් පිළිබඳව සළකා බලමින් එම සීමාවන් අවශ්‍ය නම් වෙනස්කිරීමට හා එම කොට්ඨාසවල නම් අවශ්‍ය නම් වෙනස් කොට එම සීමා නීර්ණ කටයුතු අවසන් කොට නැවත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යනවා.

     

    කොට්ඨාස ඡන්ද ක්‍රමයක් හරහා මෙම පළාත් පාලන ඡන්ද ක්‍රමය පැවැත්වීම තුළින් ඉදිරියේ දී පළාත් සභා සහ පාර්ලිමේන්තු ඡන්ද සඳහා ද මෙම මිශ්‍ර ක්‍රමය හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු වේගයෙන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

     

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සහ හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya