අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඩෙන්මාර්කයේ විශේෂ අවධානය යොමුවේ

    ජනවාරි 20, 2016

    ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා ඩෙන්මාර්ක් ව්‍යාපාරික ප්‍රජාවගේ විශේෂ අවධානය යොමුව ඇති බවත් ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය පිළිබඳව ඔවුන් වැඩි බලාපොරොත්තු තබා සිටින බවත් ශ්‍රී ලංකාවේ ඩෙන්මාර් තානාපති පීටර් ටර්ක්සෝ ජෙන්සන් මහතා (Peter Taksoe Jensen) පවසයි.

    තානාපතිවරයා මෙලෙස පැවසුවේ, පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණ ගැසුණු අවස්ථාවේදීය.



    ඩෙන්මාකය සමඟ දිගු කාලයක සිට පැවති සම්භන්ධතා වඩාත් තර කර ගනිමින් හොඳ ආර්ථික සම්භන්ධතා හා ද්වීපාර්ශික වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව ඉතා සුදුසු රටක් බවත් ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයන්ට ලබාදෙන පහසුකම් හා අවස්ථාවන් පිළිබඳව තමා ඉතාමත් සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාවේ ඩෙන්මාර් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.



    එහිදී අඳහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා,දෙරට අතර පැවති වෙළඳාමේ ඉහළ වර්ධනයක් පසුගිය කාලයේ පෙන්නුම් කළ බවත් 2014 වසරේදී ඇ. ඩො. මිලියන 93 ක වෙළඳ ගනුදෙනු සිදුවූ බවත් ප්‍රකාශ කළේ ය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස  2016 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශණ සඳහා ඩෙන්මාර් ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන බවද පැවසීය.



    2014 වසරේදී ශ්‍රී ලංකාව ඇ.ඩො. 29.93 ක අපනයනයක් ඩෙන්මාර්කයට සිදුකළ අතර එහි වැඩිවටිනාකමක් ඇගලුම් වලට හිමිවේ. ශ්‍රී ලංකාවේ ඇගලුම්, රබර් නිෂ්පාදන, තේ, සෙරමික්, කුඵබඩු, එළවඑ, පළතුරු, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රෙනික උපාංග යන ක්ෂේත්‍රයන්වල අපනයන සඳහා වැඩි අවස්ථාවක් ඩෙන්මාකයේ දී හිමිවේ. උතුරු යුරෝපයේ ඉතා දියුණු වෙළඳපලක් ලෙස සළකන ඩෙන්මාකයේ අපනයන අතර ඖෂධ, ගෘහ භාණ්ඩ, මස් , මාඵ, යන්ත්‍ර සූත්‍ර ප්‍රධාන තැනක් ගනී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya