මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා වෙනසකින් ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනවා

    ජනවාරි 20, 2016

    ව්‍යවස්ථා වෙනසකින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    බණ්ඩාරගම අළුත්ගම මුස්ලිම් ගම්මානයේ පැවැති ජනහමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

     

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ජනවාරි 08 පරිවර්තනයට ජාතියක් ලෙස වැඩියෙන්ම දායක වූයේ මුස්ලිම් ජනතාවයි. මම මුස්ලිම් නායකයින් සමඟ නැඟෙනහිර පළාතේ සංචාරය කළා.  

     

    අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න කටයුතු කළා. ආර්ථීක නිදහස ජනතාවට ලබාදිය යුතුයි. පසුගිය මැතිවරණවලදී
    සියළු ජාතීන් එකතු වුනා.

    අද යහපාලන රජය ජනතාව ආරක්ෂා කරනවා. සුදුවෑන් සංස්කෘතිය අපි අවසන් කළා. ඒ ගැන කථා කරපුවාම වාද කරන්නත් ලැහැස්ති වෙලා හිටියා. මුස්ලිම්වරුන්ගේ කෑම වට්ටෝරුව තීන්දු කරන්න කාටවත් බැහැ. මම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. 

     

    රුපියල් 350 ට පොහොර ලබාදීමේ වැඩපිළිවෙල නතර කළා. දැන් මුදල් ලබාදෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2500 ක් වැඩියෙන් වැය කරන්න සිදුව තිබෙනවා. ජනතාව ගැන සිතා එම තීන්දුව වෙනස් කළා. පාසල් නිළ ඇදුමටත් පසුගිය කාලයේ තිබුනේ කුමන්ත‍්‍රණයක්. එයත් වෙනස් කළා. ශ්‍රී ලංකාවේ ප‍්‍රථමවරට යහපාලන රජය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ආරම්භ කළා. ඒ ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. විශ‍්‍රාම වැටුප අහෝසි කරනවා කියලා විතරයි කථා කරන්නේ. ආණ්ඩු වීරෝධී පිරිස් කෑගහනවා. ව්‍යවස්ථා වෙනසකින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනවා. දුර්වල ආණ්ඩුවක් කියලා හිතනවා නම් එය මුලාවක්. ද්‍රෝහීන්ගේ බලපෑම්වලට යටත් වන්නේ නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    මෙම අවස්ථාවට බස්නාහිර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එම්.එම්. අම්ජාඩි මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත
    සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ අචාර්ය එචි.එම්.එම් රූමි මහතා ඇතුළු අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya