අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ධීවරයන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් ඉන්දීය ධීවර ප්‍රශ්නයයි - අමාත්‍ය මහින්ද අමරවීර

    ජනවාරි 20, 2016

    ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය උතුරේ ධීවරයන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    අපේ ධීවර ජනතාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඉන්දීය ධීවරයන්ගේ තිබෙන ප්‍රශ්නය.එය උතුරේ ධීවරයන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්.

     

    පසුගිය දිනවල මම උතුරු ප්‍රදේශයේ සංචාරය කරල,සෑම ධීවරයෙක්ම මුණගැසුණා.ඔවුන්ගේ ඉල්ලීම් තුනම වුණේ, ඉන්දීය ධීවරයන් කරන අනවසර බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කර දෙක ලෙසයි.

     

    ඉන්දීය ධීවරයන් කරන තහනම් පන්න ක්‍රමය නිසා මුහුදු පතුල විනාශ වෙනවා.එය නතර කරන්න අමාත්‍යාංශය ලෙස රජය ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.මුහුදු පත්ල විනාශ කරන්න, පරිසරය විනාශ කරන්න,ඉඩදෙන්න පුළුවන්කමක් නෑ.


    විශාල බෝට්ටු ප්‍රමාණයක් එනවා. ඒවා අත් අඩංගුවට ගැනීම අනිවාර්යෙන් ම සිදු කරනවා.දැල් බෝට්ටු කිසිවක් නිදහස් කරන්නේ නෑ.ධීවරයන් පමණයි නිදහස් කරන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya