අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා නායක ස්වාමින්වහන්සේලාගේ ආශිර්වාදය නොමැතිව කිසිම පනතක් ගෙන ඒමට කටයුතු කරන්නේ නෑ

    ජනවාරි 19, 2016

    මහා සංඝරත්නය භේද කරන්න හෝ මහා සංඝරත්නයට නීති පනවන්න  වුවමනාවක් නොමැති බවත් මහා නායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය නොමැතිව කිසිම පනතක් ගෙන ඒමට රජය කටයුතු නොකරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසී ය.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වුවත් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසයි ක්‍රියාත්මක කරන්නේ.එය එන්නත් කලින් බිල්ලෙක් මැව්වා.බුද්ධාගම විනාශ වෙනවා,රට දෙකඩ වෙනවා,මේවා කියන්නේ තව මොනවත් කතා කරන්නේ නැතුව.සන්ධානයේ සිටිය ඇතැම් කණ්ඩායම් කොහේ හෝ වරදක් සොයමින් ඉන්නවා.රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා,එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ කියලා.

     

    ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධාගමටවත්, කිසිම ආගමකට වැරද්දක් වෙන්නේවත් රට බෙදෙන්නේවත් නෑ.රටේ ඉදිරි වැඩපිළිවෙල සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ලෙසයි අප දකින්නේ.

     

    පසුගිය දිනවල භික්ෂූන් වහන්සේලාට නීති පනවනවා කියල, මහා ඝෝෂාවක් කළා.ජනාධිපතිතුමාත් මේ ගැන අවධානය යොමු කළා.මහා සංඝරත්නය භේද කරන්න හෝ මහා සංඝරත්නයට නීති පනවන්න අපට වුවමනාවක් නෑ.

     

    මේ පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඉල්ලීම් ලැබුණා.භික්ෂූන් වහන්සේලාගෙන් ම රජයන්ට ඉල්ලීම් ලැබුණා.භික්ෂූන් වහන්සේලාට නීති පනවන්න අපට අවශ්‍ය නෑ. මහා නායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ඇතුව මිසක් කිසිම පනතක් ගේන්න රජය කටයුතු කරන්නේ නැති බව පැහැදිළිව ප්‍රකාශ කරනවා.

     

    මහානායක ස්වාමින් වහන්සේලා ඉල්ලීමක් කළොත් පනත ආපසු ගැනීමේ කටයුත්තටත් රජය දායක වෙනවා.මෙය මහා ඝෝෂාවක් ඇති කරන්න අවශ්‍ය දෙයක් නොවේ.

     

    මේ රට ඉදිරියට යන්න පටන්ගෙන තිබෙනවා.ශ්‍රී ලංකාව නිසා ලෝකය බෙදී තිබුණා.දැන් මුළු ලෝකයම අප සමඟ සිටිනවා.2016 වසරේ සිට රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya