අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයෙක් පත්වන මැතිවරණ ක්‍රමයක්

    ජනවාරි 19, 2016

    කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයෙක් පත්වන මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම  පළාත් පාලන මැතිවරණයේ දී ක්‍රියාත්මක කෙරෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

    දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ දී පසුගියදා (17) පැවති ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පාසල් සිසුන් 1000කට අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදි.

     

    සමානුපාතික මනාප ඡන්ද ක්‍රමයෙන් ජනතා නියෝජිතයන්ට වඩා පත්වන්නේ දේශපාලනඥයන් ය. ඒ නිසා මෙම මැතිවරණයට කොට්ඨාස ක්‍රමය ඇතුළත් කොට මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයෙක් පත්වන මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදෙන බවට ජනාධිපති තුමා පොරොන්දුවක් දී තිබෙනවා. එය පසුගිය මැතිවරණයේ දී නොහැකි වුවත් මේ මැතිවරණයේ දී ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපතිතුමාට මේ රටේ සහජීවනය ඇති කිරීමට අවශ්‍යයි. ජාතිවාදය වැපිරීම රණවිරුවන්ට කරන විශාල ද්‍රෝහීකමක් යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya