අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහය

    ජනවාරි 19, 2016
    චීනයේ, බීජිං නුවර දී පසුගියදා (16-18) පැවති AIIB හෙවත්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ, විධායක මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
    සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ආධාර ලබාදීම වෙනුවෙන් චීනය කේන්ද්‍ර කරගෙන පිහිටුවාගත් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ පළමු පාලක මණ්ඩල රැස්වීමේ සමාරම්භක අවස්ථාව චීන ජනාධිපති Xi Jinping මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ය.
     
    මෙහිදී මුදල් අමාත්‍යවරයා, පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වූ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නව සභාපති Jin Liqun, පකිස්තාන මුදල් අමාත්‍ය Mohamad Isaq Dar, චීන මුදල් අමාත්‍ය Lou Jiwei හා ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ උප සභාපති ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය Bambang Brodjonegoro යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත් වූ අතර එහි දී ශ්‍රී ලංකාවේ, ආර්ථික සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ලැබීය.
     
     
    මෙම රැස්වීමට, එම බැංකුවේ සාමාජික රටවල් 57ක මුදල් අමාත්‍යවරු හා මූල්‍ය විශේෂඥයෝ සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya