අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලයිලා සහ සුරුක්කු දැල් තහනම් කරයි.

    ජනවාරි 19, 2016
    ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය තහනම් කිරීමට පියවර ගත් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    මීගමුවේ පළඟතුරය මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදී.
     
    තහනම් දැල් භාවිතය හේතුවෙන් ධීවර කර්මාන්තයේ ගැටළු රැසක් උද්ගතව පැවතුන අතර මීගමුව පළඟතුරයේ දී ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙම දැල් භාවිතය තහනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
     
    ඒ අනුව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය තහනම් කිරීමේ නියෝගයට අත්සන් තැබීමත් සමඟ එය නීතියක් ලෙස සැලකේ.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya