අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1200 ක පිරිසක් පුහුණූවට බඳවා ගැනීමට පියවර

    ජනවාරි 18, 2016

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමේ පටිපාටිය ලිහිල් කොට විද්‍යා,කළා, වාණිජ අංශ වලින් ද එම තනතුරුවලට බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා, පොළොන්නරුව රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳ සොයා බැලූ අතර ඉන් අනතුරුව රෝහල් බලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ඒ අනුව ඉදිරිපත් වූ ඉල්ලුම් පත් 10,000 න් 1200 ක පිරිසක් පුහුණූවට බඳවා ගැනීමට පියවර ගත් බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රෝහල් මුළුතැන්ගෙය හා එහි රෝගීන් සදහා පිසින ලද ආහාර පරික්ෂා කරන ලදී. ඉදිරියේ දී රෝහල් කාර්ය මණ්ඩලය සඳහා දිවා ආහාරය ලබාදීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේ ය.

     

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද පැවසි ය. දිවයින පුරා රෝහල්වල පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1850 ක හිඟයක් පවතින අතර, පොළොන්නරු රෝහලට පවුල් සෞඛ්‍ය සේවිකාවන් 30 ක පුරප්පාඩුවක් පවතිනවා.

     

    පසුගිය වර්ෂයේ දී පවුල් සෞඛ්‍ය සේවිකාවන් සදහා ඉල්ලුම් පත‍්‍ර කැඳවීමේ දී ඉල්ලුම් පත් 3261 ක් ඉදිරිපත් වූ අතර, එයින් 126 දෙනෙකු තේරී පත් වුවද, පුහුණුව සඳහා 90 ක් පැමිණීම හේතුවෙන් විශාල ගැටළුවක් මතු වුනා. එබැවින් මෙම වසරේ දී බදවා ගැනීමේ පටිපාටිය ලිහිල් කොට විද්‍යා අංශයෙන් මෙන්ම කළා, වාණිජ අංශ වලින් ද පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගනු ලැබුවා. එහිදී ඉල්ලුම් පත් 10,000 ක් ලැබී ඇති ඇති අතර, එයින් 1200 ක් පුහුණූව සදහා කඩිනමින් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.”

     

    එමෙන්ම රෝහල්වල හෙදියන්ගේ විශාල පුරප්පාඩුවක් පවතින බවත්, වාර්ෂිකව රෝහල්වල හෙදියන්ගේ ප‍්‍රසූත නිවාඩු
    සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බැවින්, හෙද හෙදියන් බදවා ගැනීෙමි දී එම අනුමත ක‍්‍රමයේ වෙනසක් කළ යුතු කාලය එළඹි ඇති බවත්, මෙම වර්ෂයේ දී පොළොන්නරුව රෝහලේ මුළු හෙදියන්ගේ ප‍්‍රමාණයෙන් සියයට 17 ක් ප‍්‍රසූත නිවාඩු ලබාගෙන ඇති බවත්, රෝහල් සේවාව පවත්වාගෙන යාම සදහා මෙය විශාල බලපෑමක් ඇති කරන බව ද පෙන්වා දෙන ලදි.

     

    පොළොන්නරුව රෝහලේ අළුත්වැඩියා කටයුතු සදහා රුපියල් මිලියන 160 ක් හා රෝහලේ හදිසි ඖෂධ මිලදී ගැනීම සඳහා මෙතෙක් කල් ලබාදුන් මුදල සංශෝධනය කරමින් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කරන ලදි.


    ඉදිරියේ දී රෝහලේ නිල නිවාස ගැටළුව විසදීම සඳහා පෞද්ගලික අංශයේ ද සහයෝග ලබාගෙන නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා ෙමි වනවිට සාකචිඡුා ආරම්භ කර ඇති බව ද, සඳහන් කරන ලදි.

     

    මෙම සාකච්ඡාවේ දී අතුරු වෛද්‍ය සේවාවන්වල අඩුපාඩු පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙම ගැටළුව සමස්තයක් වශයෙන් ගත් කළ සෑම වර්ෂයක මුහුණ දෙන ගැටළුවක් බැවින්, ඉදිරියේ දී සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව විශ්ව විද්‍යාලයක් ඉදිකිරිම තුළින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පැනනැගී ඇති මෙම ගැටළුව විසඳීමට පියවර ගෙන ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

     

    මෙම අවස්ථාවට පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.කේ සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya