අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර පාරිසරික සෞඛ්‍යය පිළිබඳ ප‍්‍රථම ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකා‍වේ දී

    ජනවාරි 18, 2016

    තල්මසුන් ඇතුළු සමුද්‍රික ක්ෂිරපායින් සහ සාගරයේ පාරිසරික සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින් “සාගරයේ පාරිසරික සෞඛ්‍යය (The Environmental Health of the Ocean) පිළිබඳ ප‍්‍රථම ජාත්‍යන්තර සමුළුව” ජනවාරි 26, 27 හා 28 දිනයන් හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.



    මෙහිදී ජාත්‍යන්තර මුහුදු ක්ෂිරපායි සංවිධානයේ මෙහෙයවිමෙන් මුහුදු පරිසරයේ ජෛව විවිධත්වය හා මුහුදු නැව් මාර්ග සංඥා පිළිබඳ ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.



    ‍‍ඉන්දියානු සාගර සමුද්‍රික ක්ෂිරපායි පර්යේෂණ මධ්‍යස්ථානය (CRIOMM-Centre for Research on Indian Ocean Marine Mammals), අපේ ජාතිය හා මුහුදු අභිලාෂය (ONS-Our Nation and the Sea Initiative) සහ ඉන්දියානු සාගර සමුද්‍රක කටයුතු සහයෝගීතා ( IOMAC-Indian Ocean Marine Affairs Co-operation) ලේකම් කාර්යාලය ‍සංවිධානය කරන ‍මෙම සමුළු‍වේ සමාරම්භක උළෙල 26 වැනිදා පෙ.ව. 10.00 ට පැවැත්‍ ‍වේ.



    සාගරයේ ජෛව විවිධත්වය ගවේශනය කිරීම, තල්මසුන් ඇතුළු සමුද්‍රක ක්ෂීරපායින් ආරක්ෂා කර ගැනීම, තල්මසුන් ගැවසෙන ස්ථාන, ඔවුන්ගේ හැසිරීම් රටාවන්, ඔවුන්ගේ සංචරණයන් සහ නැව් මාර්ග නිසා තල්මසුන්ට සිදුවන ජීවිත හානි ආශ‍්‍රීතව සාගර පාරිසරික සෞඛ්‍යය සුරක්ෂිත කිරීම පිළිබඳව තිරසර වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා පර්යේෂණ හා ගවේෂණ සිදුකිරීම පිළිබඳව පුළුල් ලෙස ‍මෙහි දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ඉන්දියානු සාගර සමුද්‍රික ක්ෂිරපායි පර්යේෂණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු හා ඉන්දියානු සාගර සමුද්‍රික කටයුතු සහයෝගීතා ලේකම් කාර්යාලයේ මහලේකම් ආචාර් හිරාන් ජයවර්ධන මහතා පවසයි.


    එසේම මෙහි දී තල්මසුන් නිරීක්ෂණ වැඩසටහන් සඳහා සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනීය වැඩපිළිවෙලක් පිළිබඳව ද සාකව්ඡා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya