අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායේ බහලුම් ප්‍රමාණයේ 5.7 % වර්ධනයක්

    ජනවාරි 16, 2016
    2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී කොළඹ වරායේ සමස්ත බහලුම් මෙහෙයුම 5.7% ක වර්ධනයක් වාර්තා කරයි. 
    කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ප්‍රධාන අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ ආනයන අපනයන බහලුම් මෙහෙයුම සහ ප්‍රති අපනයන බහලුම් මෙහෙයුම යනුවෙනි. මෙයින් 2014 වසරේදී කොළඹ වරායේ මෙහෙය වූ ආනයන අපනයන බහලුම් ප්‍රමාණය 1,126,985 කි. 2015 වර්ෂයේදී එය 1,217,971 කින්  8.1% ක් ලෙස වර්ධනය වී ඇත. 
     
    2014 වර්ෂයේදී කොළඹ වරායේ මෙහෙය වූ ප්‍රති අපනයන බහලුම් ප්‍රමාණය 3,780,930 ක් වේ. 2015 වර්ෂයේදී එම බහලුම් ප්‍රමාණය 3,967,496 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහි වර්ධනය  4.9 % කි. මෙය සමස්තයක් ලෙස ගත්විට, කොළඹ වරාය 2014 වසරේදී මෙහෙයවා ඇති මුළු බහලුම් ප්‍රමාණය 4,907,915 ක් වේ. එය 2015 වසරේදී 5,185,467 ක් ලෙස  5.7% කින් ඉහළ ගොස් ඇත.
     
    මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කොළඹ වරායේ මනා කළමනාකාරීත්වය සහ සේවකයින්ගේ කැපවීම බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 
     
    මෙහෙයුම්වල ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ ගෙන ඒම සඳහා කටයුතු කරන සේවකයින් ඇගයීමටද  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත, මේ වනවිට කටයුතු කරමින් සිටී. අර්ජුන රණතුංග අමාත්‍යවරයා සේවකයින් අමතමින් ප්‍රකාශ කළේ ඉදිරියේදී සේවකයින්ට උසස්වීම් ලබාදීමේ නව සැලැස්මක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හඳුන්වා දෙන බවයි.
    මානව සම්පත් සැලැස්ම නැවත අධ්‍යනය කර සේවකයින්ට සුබදායී සැලැස්මක් ඉදිරියේදී හඳුන්වාදෙන බවද  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සේවකයින් අමතමින් වැඩිදුරටත් පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya