මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසියේ තනතුරු පුරප්පාඩු පිරවීමට යයි

    ජනවාරි 16, 2016

    පොලීසියේ තනතුරු කිහිපයක් සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිම සදහා පොලිස්පතිවරයාගේ අවධානය යොමු විමෙන් පසු ඊට අනුමැතිය ඉල්ලා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    පොලිස් පරික්‍ෂක තනතුරු - 521,කාන්තා පොලිස් පරික්‍ෂක තනතුරු - 52, පොලිස් සැරයන් තනතුරු - 1861,කාන්තා පොලිස් සැරයන් තනතුරු - 567, පොලිස් සැරයන් රියදුරු තනතුරු 275 ලෙස මෙම තනතුරු පුරප්පාඩු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

     

    මේ අනුව දිර්ඝ සේවා පදනම මත ඉහත පුරප්පාඩු සම්පූර්ණ කිරිම සදහා මෙලෙස අනුමැතිය ඉල්ලා ඇත. මෙහිදි සිදුවන්නේ ජ්‍යේෂ්ඨත්වය මත ඉහත පුරප්පාඩු සම්පූර්ණ කිරිමයි.

     

    මේ අනුව මෙම පුරප්පාඩු පිරවීමට බලාපොරොත්තු වෙයි.මේ සදහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනිමට පොලිස්පතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.ඒ සදහාපොලිස් කොමිසමේ අනුමැතිය ලද වහාම ඉහත පුරප්පාඩු සම්පූර්ණ කිරිමට නියමිතව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya