මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොවම ජයගත හැකි ස්වාධීන දරු පිරිසක් බිහිකිරීම අපේක්ෂාවයි -අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 16, 2016

    දේශපාලනඥයින් පසුපස ගොස් රැකියා ඉල්ලන තාරුණ්‍යයක් වෙනුවට ලොවම ජයගත හැකි ස්වාධීන දරු පිරිසක් බිහිකිරීම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    2016 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට සහභාගි වෙමින් කෝට්ටේ
    ජනාධිපති විද්‍යාලයේ දී අමත්‍යවරයා මේ බව පැවසීය.

     

    පාසල් දරුවන් අනාගතයට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපනය තුළින් සවිබල ගැන්වීමේ වගකීම තමන් ඇතුළු රජය විසින් භාරගෙන තිබෙනවා.


    ඒ අනුව, මෙවර පළමු ශ්‍රේණියේ දරුවන්ට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී තිබෙනවා. 2029 දී පාසලෙන් පිටව යන අද පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ට නූතන ලෝකය තුළ දැනුම් අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් රජය වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.


    මීට අමතරව ජනප‍්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී මතුවන තදබදය අවම කිරීම සඳහා ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම පාසල් දෙක බැගින් සියලූ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya