සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරයට අහිතකර ද්‍රව්‍ය හ රසායනික කළමනාකරණය කිරීමට ව්‍යාපෘති හතරක්

    ජනවාරි 16, 2016

    ශ්‍රී ලංකාව තුළ පරිසරයට අහිතකර ද්‍රව්‍ය හ රසායනික කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

    උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය කර පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි.

     

    ඒ අනුව ව්‍යාපෘති හතරක් ඒකාබද්ධ කර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ එක් වැඩසටහනක් ලෙස වසර 2016 සිට 2020 කාල පරිජ්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    ඊට අමතරව අදාළ ව්‍යපෘති කාර්යයන් මෙහෙයවීමටත් නිරීක්ෂණය කිරීමට ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජිතය.

     

    ශ්‍රී ලංකාව තුළ පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් අපද්‍රව්‍ය හා එම රසායනිකය අඩංගු උපකරණ පරිසර හිතකාමී ලෙස
    කළමනාකරණය හා බැහැර කිරීමේ ව්‍යාපෘතිය, රසදිය පිළිබඳ වූ මිනමාටා සම්මුතිය අපරානුමත කිරීම සඳහා පසුබිම ගොඩනැංවීම සහ සම්මුතියේ අරමුණූ ඉටුකර ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා වන ව්‍යාපෘතිය,

     

    පොලිබෝමිනෙටඩ් ඩයිෆීනයිල් ඊතර් කළමනාකරණය හා අවම කිරීම සඳහා වූ උපකලාපීය ක්‍රියාත්මක සැලැස්මක් සඳහා වූ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුල ඊයම් අම්ල බැටරි පරිසර හිතකාමි ලෙස නිෂ්පාදනය කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතිය ලෙස මෙම ව්‍යාපෘති හතර ක්‍රියාත්මක කෙරේ.

     

    මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya