සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි 2016 සිට පරිසර හිතකාමී වෙයි

    ජනවාරි 16, 2016

    වසර 2016 සිට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පරිසර හිතකාමී ලෙස ඉදිකිරීමේ වැඩසටහනක් යෝජනා වී තිබේ.

    ගොඩනැඟිලි තුළ සෞඛ්‍ය සම්පන්න වාතාවරණයක් ඇති කරන,බලශක්තිය, ජලය සහ අනෙකුත් උපයෝගිතාවන් භාවිතය අවම කිරීම සඳහා''හරිත ගොඩනැඟිලි සංකල්පය'' හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

     

    මෙම වැඩපිළිවෙලේ මූලික පියවරක් ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම හා පවත්වාගෙන යාමට දැනටමත් කෙටුම්පත් කර තිබෙන මාර්ගෝපදේශ සංග්‍රහය කිරීම සහ ඊට අදාළ ක්‍රියාකරී සැලැස්ම පිළියෙල කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට යෝජිතය.

     

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya