සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තනිකරම දේශීය යාන්ත්‍රණයක් භාවිතා කරන්නේ- අමාත්‍ය රාජිත සේනාරත්න

    ජනවාරි 14, 2016

    යුද අපරාධ සම්බන්ධයෙන් තනිකරම දේශීය යාන්ත්‍රණයක් භාවිත කරන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකශ කළේ ය.

    මානව හිමිකම් සැසිවාරය නැවත පැමිණෙන බවත්,යුද අපරාධ සම්බන්ධයෙන් වූ යෝජනාව ජූනි මාසයට පෙර ක්‍රියාත්මක කරන්න කියා තිබුණා. ආණ්ඩුවේ සූදානම කෙසේදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවැත්විණි.

    තවදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරයා; අපේ හයිබ්‍රිඩ් අධිකරණයක් නෑ. සම්පූර්ණයෙන් ම දේශීය අධිකරණයක් තිබෙන්නේ. අවශ්‍ය වුවහොත් විදේශීය උපදෙස් ලබාගන්නවා. දේශීය යාන්ත්‍රණයක් තමයි අපි භාවිතා කරන්නේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරවා.මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධනය සමඟ කතා කරලා, ඒ වැඩකටයුතු ආරම්භ කරනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya