සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ක්‍රියාකාරී වැඩමුළුව අද

    ජනවාරි 14, 2016

    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ක්‍රියාකාරී වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී.විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(14) පෙ.ව. 9.30 සිට ප.ව.1.30 දක්වා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

    රාජ්‍ය ආයතන හා අනෙකුත් විවිධ පාර්ශ්වයන් විසින් මාතර දිස්ත්‍රික්කය තුළ ඇතිවියහැකි ආපදා තත්ත්වයක දී දක්වන ප්‍රතිචාර සඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීමේ යාන්ත්‍රණය සුදුසු පරිදි හැඩගස්වා ගැනීම, පරීක්ෂාකිරීම, තීරණ ගැනීම, වගකීම හා හිඩැස් හඳුනා ගැනීම ආදී කාරණා අරමුණුකරගෙන මෙම වැඩමුළුව සංවිධානය කරන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් යූ.ඒ.ඒ.පී. උබේසිරිවර්ධන මහතා පැවසී ය.

     

    වර්ෂිකව පවත්වනු ලබන ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ක්‍රියාකාරී වැඩමුළුවට සමගාමීව මෙය සංවිධානය කෙරේ.

    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු ආපදා කළමනාකරණ කමිටුවේ සියලු ම සාමාජිකයින් සහභාගි වීමට නියමිත ය.‍

    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩමුළුව සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya