අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිබිදෙමු පොළොන්නරුව - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක්

    ජනවාරි 09, 2016
    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020 පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
    මෙම සංවර්ධන වැඩසටහනේ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කොට ඇත.
    ප්‍රධාන වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හා ඊට යාබද අනෙකුත් දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කොට තිබේ.
    මේ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ හා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ලෙස හඳුනාගෙන ඇති පානීය ජලය, මහාමාර්ග, දුම්රිය මාර්ග, කෘෂිකර්මය හා වාරිමාර්ග යනාදී ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති සඳහා අවශ්‍ය  අරමුදල් සැපයීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya