මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනඥයන් පෝෂණය වීමට කොළොන්නාව කුණු ප්‍රශන්ය යොදාගන්න එපා- අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

    ජනවාරි 10, 2016
    එක් සථානයකින් තවත් සථාකයකට කුණු රැගෙන යාම විසඳුමක් නොවන බවත්, දේශපාලනඥයන් පෝෂණය වීමට කොළොන්නාව කුණු ප්‍රශ්නය යොදා නොගන්නා ලෙසත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉල්ලා සිටී.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළොන්නාව කුණු ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමට කොළොන්නාව නගර සභාවේ පැවති රුස්වීමකට සහභාගී වෙමිනි. 
    ශ්‍රී ලාංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ඇති වර්තමානයේ කොළොන්නාවේ කුණු ප්‍රශ්නය වෙනුවෙන් ද එක්ව ක්‍රියා කරමින් මෙම කුණු ප්‍රශ්නය ද ජාතික ප්‍රශ්නයක් වශයෙන් සලකා විසදුමක් සෙවීමට ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් උපදෙස් ලබාදී තිබේ. මෙම කොළොන්නාව ජනතාවට හැමදාම කුණු සමඟ ජීවත්වීමට නොහැක. ඔවුන්ට ඉක්මනින් විසදුමක් ලබාදිය යුතුයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මැදිහත් වී මෙම ගැටළුව කඩිනමින් විසදීමට ක්‍රියාකරනු ලබන බව අමාත්‍යවරයා පැවසීය.
    කොළොන්නාව කුණු ප්‍රශ්නය පිලිබඳව සොයා බැලීමට මහවැලි සංවර්ධන සහ පරිසර, මහ නගර සංවර්ධන හා පළාත් සභා සහ පළාත් පාලන යන අමාත්‍යංශ ලේකම්වරු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තුමිය ඇතුළත් කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුවට දැනට යෝජනා 50 ක් පමණ ලැබී තිබෙන අතර ඒවා සැලකිල්ලට ගෙන කඩිනමින් මේ පිළිබඳව වාර්තාවක් ලබාදීමට කටයුතු යොද තිබේ.
    මෙම රැස්වීම කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා විසින් කැඳවා තිබුණු අතර රුස්වීමෙන් අනතුරුව පළාත් සභා සහ පළාත් පලන අමාත්‍යවරයා කොළොන්නාව කුණු කන්ඳ නිරීක්ෂණය කිරීමට ද එක්විය.
    පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා, පළාත් සභා මන්ත්‍රි සුසිල් කිදෙල්පිටිය මහතා, ප්‍රදේශයේ දේශපාලනඥයින්, නිලධාරීන් සහ කොළොන්නාව කුණු කන්ද හේතුවෙන් පීඩාවට පත්වන ජවතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya