අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සිවිල් ආරක්ෂක බටයින්ගෙන් ලේ දන් දීමක්

    ජනවාරි 08, 2016
    සිවිල් ආරක්ෂක භටයින්ගේ සේවය සිථීර කරමින් ජනාධිපතිතුමා කළ සේවය වෙනුවෙන්, ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට වසරක් සපිරීම නිමිතිකොටගෙන එතුමන්ට ආශිර්වාද කොට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 3000 ක් දෙනා ලේ දන්දීමේ පිංකමට දායක වන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
    මෙහි පළමු අධියර වශයෙන් සිවිල් ආරක්ෂක භටයින් 500 දෙනෙක් ලේ දන්දීමේ පිංකමක් ඊයේ (07) පැවැත් වූ අතර අද (08) දිනයේ ද ක්‍රියාත්මක වන බව වව්නියාව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
    වව්නියාව විරට්ටපෙරියකුලම් සිවිල් ආරක්ෂක බලකායේ කලාප කාර්යාලයේ දී වවුනියාව මහ රෝහලේ ලේ බැංකුව වෙත මෙම ලේ පරිත්‍යාගය සිදු කරන ලදි.
    වව්නියාව සිවිල් ආරක්ෂක කලාප අණ දෙන නිළධාරී මේජර් කමල් ජයවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya